කඳේ, පොත්තේ, කොළේ, දලුවේ ඉඳන් ගුණ දෙන ප්‍රණීත රස
ඔයාලා සියඹලා ගැන දන්නේ මොනවාද?
අපි අද කතා කරන්නේ, සියඹලා ගැන අපි දන්නා දෙයින් එහා විස්තරයක් ගැන…
අපේ ප්‍රතිෂක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන, විෂ හරණය කරන, නොයෙකුත් ලෙඩරෝග වලින් ආරකෂා කරන පළතුරක් තමයි සියඹලා කියන්නේ.
ගොඩක් වෙලාවට අපි සියඹලා ගන්නේ අපේ ආහාර රසවත් කර ගන්න කියන එක කවුරුත් දන්නා දෙයක්නේ. හැබැයි එතනින් එහාට සියඹලා ගැන අපි නොදන්නා ගොඩක් ගුණ තියෙනවා.
අපි අද බලමු සියඹලා වල තියෙන ගුණ මොනාද කියලා…
සියඹලාවල අඩංගු සීනි සහ අම්ල ගතිය නිසා එදිනෙදා ලබා ගන්නා ආහාරවල ඇති තෙල් ගතිය වැඩි ප්‍රමාණයකින් ඉවත් වෙනවා. ඒ වගේම මුත්‍රා ගැටලුවලට සුවයක් ලබාදෙනවා. වමනය, ඔක්කාරය වැනි ගැටළු ඇති වූ විට ඉදුණු සියඹලා පරිභෝජනය කිරීමෙන් සුවයක් ලැබෙනවා.. බඩේ දැවිල්ල, අජීර්ණය, බඩ වේලීම වැනි ගැටලුවලට සුවය ලබාදෙන්න සියඹලා සමත් වෙනවා. ආහාර රුචිය වර්ධනය කර ගැනීමටත් සියඹලා යොදා ගනන පුළුවන්.. ආහාර අරුචියෙන් පීඩා විඳින පුද්ගලයන්ට සියඹලා වතුරේ දිය කර පෙරා පානය කිරීමෙන් සුවය ලැබේ.
ඇස්වල පෙනීම වැඩිදියුණු කිරීමට උදව් වෙන විශේෂිත පෝෂකයන් රාශියක් සියඹලාවල තිබෙනවා. එම නිසා සියඹලා අනුභව කිරීමේදී වයසට යාමේදී සිදුවෙන ඇස්වල පෙනීම අඩුවීම සහ ඇස් ආශ්‍රිත අනෙකුත් දෝෂයන්ද ඇතිවීම වැළකෙනවා.
සියඹලා යනු හිසකෙස් වැටීම පාලනය කරගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් විශ්මිත ඖෂධයක්. සියඹලා කරල් කිහිපයක් ගෙන මෙලෙක් බවට පත්වෙන තුරු වතුර ස්වල්පයකින් තම්බා ගන්න. ඉන්පසුව එය මිරිකා ලබාගත් යුෂ හිස්කබල මත සෙමින් අතුල්ලන්න. මිනිත්තු 60ක් පමණ ගියපසුව පිරිසිඳු ජලයෙන් සෝදා හරින්න.
පිළිස්සුම් ගැටලු සඳහා සියඹලා දළු භාවිත කරන්න පුළුවන්.
සියඹලා දළු රත් කරගෙන හොඳින් කොටා කුඩු කර ගන්න. පිළිසුම් තුවාලයක් ඇතිවූ විට මෙම කුඩු සහ තල තෙල් එකට මිශ්‍ර කර සමෙහි ආලේප කළ කරන්න.. දින කිහිපයක් මෙම ප්‍රතිකර්මය සිදුකිරීමෙන් පිළිස්සුම් තුවාල සුව වෙනවා. ඒ වගේම තමයි
ළපටි සියඹලා කොළ සිරුරේ ඉදිමුම් අඩු කිරීමටද උපකාරී වෙනවා. සියඹලා කොළ සමෙහි අලුත් පටක නිර්මාණය කරන්න උපකාරී වෙන නිසා තුවාලය තුළින් විෂබීජ ඇතුල් වීම වළක්වාලනවා.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සෙම් රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ටත් සියඹලා හොඳ ඖෂධයක්. සියඹලා වැඩිපුරඑකතු කරලා හදන තැම්බුම් හොදි උණුවෙන් පානය කිරීමෙන් සෙම් රෝග සුව වෙනවා,. නාසයේ තද ගතිය නැති වෙලා හුස්ම ගන්න පහසු වෙනවා.
ඉතින් ඔන්න ඔය වගේ තව තව ගුණ ගොඩක් තියෙනවා මේ සියඹලාවල. ගහේ පොත්තේ කොළේ දල්ලේ ඉඳලම ගුණ බොහෝයි.ඉතින් ඔයාලත් මේ ගැන තව හොයලා මේ වටිනා පලතුරින් හොද ප්‍රයෝජනයක් ගන්න.












