Home Flash News ප්‍රතිප්‍රහාර හමුවේ මැදපෙරදිග තවත් උණුසුම් වෙයි

ප්‍රතිප්‍රහාර හමුවේ මැදපෙරදිග තවත් උණුසුම් වෙයි

39
0
Share

ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් කටාර් රාජ්‍යයේ ස්වභාවික ගෑස් නිෂ්පාදනාගාරයක් ගිනි ගනී. මැද පෙරදිග දැඩි නොසන්සුන්.

මැද පෙරදිග කලාපයේ උණුසුම යළිත් වරක් ඉහළ නංවමින්, ඉරාන ආරක්ෂක අංශ විසින් කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථානයක් ඉලක්ක කර මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් කටාර් රාජ්‍යයේ ප්‍රධාන ස්වභාවික ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයට හේතුව

මෙම ප්‍රහාරය, ඉරානයට අයත් ලොව විශාලතම ස්වභාවික වායු නිධිය වන දකුණු පාර්ස් (South Pars) වෙත මෑතකදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස දියත් කර ඇති බව ඉරානය පවසයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් එම ගෑස් නිධිය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවට චෝදනා එල්ල විය.

මෙම සිදුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේ, තම රටේ බලශක්ති මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිවිපාක අමෙරිකාව ප්‍රමුඛ මැද පෙරදිග රටවලට විඳීමට සිදුවනු ඇති බවයි.

කටාර් රාජ්‍යයට එල්ල වූ මිසයිලය

ඊයේ (18) දිනයේදී ඉරානය විසින් මිසයිල පහක් එල්ල කර ඇති අතර, ඉන් මිසයිල හතරක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට කටාර් ගුවන් ආරක්ෂක පද්ධති සමත් වී තිබේ.

කෙසේ වෙතත්, එක් මිසයිලයක් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) කාර්මික නගරයට පතිත වී ඇති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත. එම ප්‍රහාරයෙන් එහි පිහිටි ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයක් ගිනි ගැනීමට ලක්ව ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබේ. මෙම සිදුවීමත් සමග කලාපයේ බලශක්ති සුරක්ෂිතභාවය පිළිබඳව මෙන්ම ගැටුම් තවදුරටත් වර්ධනය වීමේ අවදානමක්ද මතුව ඇත.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here