පාකිස්තානයේ කරච්චි නගරයේ ඊයේ (19) ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් මියගිය අය අතර අවුරුදු දෙකක කුඩා දරුවෙකු ඇතුළු ළමුන් 7 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මෙම ඛේදවාචකයේ බරපතලකම තවත් තීව්‍ර වී ඇත.
මූලික විමර්ශනවලට අනුව, මෙම අනතුරට හේතු වී ඇත්තේ මහල් නිවාස සංකීර්ණයක පළමු මහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමයි. පිපිරීමේ බලපෑමෙන් ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව විශ්වාස කෙරේ.
මේ වන විටත්, කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිය හැකි පුද්ගලයින් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.











