Home ව්‍යාපාරික ලෝකය ලොතරැයි ඉතිහාසය අලුත් කළ වාර්තාගත දිනුම – කෝටි 63ක ‘කප්රුක’ සුපිරි ජයග්‍රාහකයා...

ලොතරැයි ඉතිහාසය අලුත් කළ වාර්තාගත දිනුම – කෝටි 63ක ‘කප්රුක’ සුපිරි ජයග්‍රාහකයා මෙන්න

4
0
Share

මෙරට ලොතරැයි ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම සුපිරි ත්‍යාග මුදල දිනා ගැනීමට වාසනාවන්තයෙකු ඊයේ (19) සමත් වී තිබෙනවා. එය එක් පුද්ගලයෙකුගේ ජීවිතය පමණක් නොව, ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයම උඩුයටිකුරු කළ මොහොතක් වුණා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කප්රුක ලොතරැයියේ 2260 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රුපියල් 629,855,919.60 ක අති විශාල මුදල දිනා ගැනීමට මෙම වාසනාවන්තයා සමත් විය. මෙය රුපියල් කෝටි 63කට ආසන්න මුදලකි.

වාසනාව ගෙනා ගිරාඳුරුකෝට්ටේ

මෙම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ඩබ්. රත්නසිරි සොයිසා මහතා විසින් වීම විශේෂත්වයකි. මේ වන විට රටම කතා කරන මෙම මහා ධන කුවේරයා බිහිවූයේ එම ප්‍රදේශයෙනි. ජයග්‍රාහකයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නොමැත.

ඉතිහාසය අලුත් කළ දිනුම

මෙම ජයග්‍රහණයත් සමඟ මෙරට ලොතරැයි ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල සඳහා වූ වාර්තාව අලුත් විය. මීට පෙර ඉහළම ත්‍යාග මුදල ලෙස වාර්තා වී තිබුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයිය හරහා ලබාදුන් රුපියල් කෝටි 47ක සුපිරි ත්‍යාගයයි.

කප්රුක ලොතරැයිය හරහා බිහිවූ මෙම නව කෝටිපතියා, බොහෝ දෙනෙකුගේ සිහිනයක් සැබෑ කරගත් පුද්ගලයෙකු ලෙස මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රධාන කතාබහක් බවට පත්ව තිබෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here