ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිටුපස අදාල රේඛීය අමාත්‍යාංශය නොවන වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් පවතින බවට ‘දිනන දකුණ’ සාමූහිකය සාධාරණ සැකයක් මතු කර සිටිනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය විසින් ජාතික පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළා.
අමාත්‍යාංශය නොදැන හදාපු කැබිනට් පත්‍රිකාව
එවැනි සංකල්ප පත්‍රිකාවක් තමන් වෙත නොලැබුණු බවත්, එවැනි කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශය මගින් සකස් නොකළ බවත් අධිකරණ ලේකම්වරිය ප්‍රකාශ කර තිබෙනවා. අදාළ රේඛීය අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීම තුළින් බරපතල අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට සැක පහදින බවයි ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙන්නේ.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ සහ BASL එකෙහි විරෝධය
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ හමුවූ අවස්ථාවේදී, මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද දැනුම් දී තිබෙනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට පොරොන්දු වී, මෙලෙස හදිසියේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි එම සාමූහිකය පවසන්නේ.
ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමයෙන් ද කනස්සල්ල
ලොව පුරා විනිසුරුවරුන් නියෝජනය කරන පැරණිතම සහ විශාලතම සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය (International Association of Judges) ද මේ වන විට නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල පළ කර ඇත. මෙමගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවිය හැකි බැවින් යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස එම සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
එබැවින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව එල්ල වී ඇති මෙම දැඩි විරෝධය කෙරෙහි ජනාධිපතිවරයාගේ ක්ෂණික අවධානය යොමු විය යුතු බව ‘දිනන දකුණ’ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.














