Home Flash News වී ගොවියාගේ අස්වැන්නට වහාම සාධාරණ මිලක් දෙන්න – නාමල්ගෙන් රජයට දැඩි බලපෑමක්

වී ගොවියාගේ අස්වැන්නට වහාම සාධාරණ මිලක් දෙන්න – නාමල්ගෙන් රජයට දැඩි බලපෑමක්

15
0
Share

ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා වහාම සාධාරණ මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

වත්මන් පාලනය යටතේ ගොවියාත්, නගරයේ වෙසෙන පාරිභෝගිකයාත් එකසේ දැඩි අසහනයට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“ගොවියාට කසිප්පුකාරයා කියමින් අපහාස කරනවා”

රටේ ගොවි ජනතාව තමන්ගේ ප්‍රශ්න සහ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන විට ඔවුන්ට ‘කසිප්පුකාරයින්’ යැයි කියමින් ආණ්ඩුව අපහාස කරන බවට නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

* පොහොර සහ හාල් හිඟය – ගොවියාට වේලාවට පොහොර නොලැබෙන අතර, ගොයම් කැපෙන කාලය බලමින් පිටරටින් හාල් ගෙන්වීමට කටයුතු කරන බව ඔහු පවසනවා. “හාල් පිටරටින් ගේන්නේ නෑ, මේ අන්තිම අවුරුද්ද” කියා බලයට පැමිණියත්, අවසානයේ නගරයේ ජනතාවට පවා සාධාරණ මිලකට හාල් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

* මිල ඉල්ලීම් සහ තර්ජන – නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ගොවීන් ඉල්ලන විට, බලයට පත්වීමට පෙර “රුපියල් 154 ට වී ගන්නවා” කියූ අය දැන් ඒ මිලට ලබාගත නොහැකි බව කියමින් කෘෂිකර්ම ඇමතිවරයා ලවා ගොවීන්ට තර්ජනය කරවන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කර සිටිනවා.

“මහින්ද රාජපක්ෂ යුගයේ සහතික මිලක් තිබුණා”

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී පොහොර මිටිය රුපියල් 350 කට ලබා දී, වී සඳහා සහතික මිලක් ද නියම කළ බව මතක් කරදෙන නාමල් රාජපක්ෂ මහතා, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගනිමින් හාල් මිල ද සාර්ථකව පාලනය කළ බව සඳහන් කරනවා.

“පසුගිය ආණ්ඩුව කාලේ අපිට කාබනික පොහොර ගෙනල්ලා වැරදීමක් වුණා. නමුත් අපිට වඩා හොඳයි කියලා ආපු අයට අද වී ටික මිලදී ගන්නවත් හරි ක්‍රමවේදයක් නෑ. මෝල් හිමියන්ට ඕන විදියට වැඩ කරන්නේ නෑ කියපු ජනාධිපතිවරයා, මේසෙට ගහලා පාලන මිලටත් වඩා රුපියල් 10 ක් මෝල් හිමියන් ඉස්සරහා වැඩි කළා.” – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

දරාගත නොහැකි ජීවන වියදම සහ බදු බර

දිනෙන් දින ජීවන වියදම අසීමිත ලෙස ඉහළ යන බවත්, අධික බදු බර නිසා රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා, මේ සඳහා රජය වහාම ක්‍රමවත් වැඩපිළිවෙළක් ජනතාව හමුවේ තැබිය යුතු බවට බලකර සිටිනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here