Home Flash News ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව ගැන කටාර් රාජ්‍යයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව ගැන කටාර් රාජ්‍යයෙන් ප්‍රකාශයක්

42
0
Share

තත්ත්වය කොහොම වුණත් අපි දිගටම ඉන්ධන දෙනවා – එමීර්වරයා ජනපති අනුරට සහතික වෙයි.

පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවට ස්ථාවර ලෙස ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය කැපවී සිටින බව, කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති විශේෂ දුරකථන සංවාදයක දී.

කටාර් එමීර්වරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කර ඇත්තේ, එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහ පදිංචිකරුවන්ගේ සුභසාධනය හා ආරක්ෂාව පිළිබඳ තමන් සහතික වන බවයි.

මෙම දුරකථන සංවාදයේදී පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, කටාර් රාජ්‍යය මුහුණ දී සිටින අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සහයෝගීතාව පිලිබඳ ජනාධිපතිවරයා එමීර්වරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here