Home Flash News මෙසී – යමාල් සටන නවතී

මෙසී – යමාල් සටන නවතී

24
0
Share

යුද – ගිනි නිසා සමස්ත ගල්ෆ් කලාපයටම බලපෑම් -තරග කිහිපයක්ම අවලංගුයි

ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ Finalissima පාපන්දු තරගය අවලංගු කර තිබෙනවා.

යුරෝපීය පාපන්දු සම්මේලනය ‘UEFA’ නිවේදනය කර ඇත්තේ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත බවයි.

මීට විසදුමක් ලෙස විකල්ප ස්ථාන යෝජනා කළද, ආර්ජන්ටිනාව විසින් එය ප්‍රතික්ෂේප කළ බවද UEFA සඳහන් කළා.

ඔවුන් තම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ,

මෙය පාපන්දු ලෝලීන්ට ඉතා කණගාටුදායක පුවතක් වන්නේ, ලියොනල් මෙසී සහ ලැමීන් යමාල් මුහුණට මුහුණ හමුවන අවස්ථාව දැක බලා ගැනීම මේ හේතුවෙන් අහිමි වන බැවිනි.

කෙසේවෙතත්, UEFA ආයතනය සිය කණගාටුව පල කර තිබුනේ, මෙම කුසලානය වෙනුවෙන් තරග කිරීමට කණ්ඩායම් දෙකටම තිබු අවස්ථාව ගිලිහී යාම හේතුවෙන්.

ඉරානයට එල්ල වූ අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සමස්ත ගල්ෆ් කලාපයටම බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව, ආරක්ෂක හේතූන් මත මේ වනවිට තරගාවලි කිහිපයක්ම අවලංගු කිරීමට සංවිධායකයින්ට සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර මෙම සුවිශේෂී තරගය මාර්තු 27 වනදා දෝහා හි ලුසයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here