Home පිටිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩන්ස් පත් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩන්ස් පත් කෙරේ

28
0
Share

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩන්ස් මහතාව පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, 2026 මාර්තු මස 16 වැනිදා සිට මෙම පත්වීම බලාත්මක වන බවත්, ඔහුගේ ගිවිසුම් කාලය වසරක් සඳහා වලංගු වන බවත්ය.

එළඹෙන ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සූදානම් කිරීම, ඔහුගේ ප්‍රධානතම වගකීම වන බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

ඔහු යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරග සංචාරය, අප්‍රේල්-මැයි මාසවලදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරග සංචාරය වනු ඇත.

ජේමි සිඩන්ස් යනු 3 වන මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස සුදුසුකම් ලබා ඇති, අත්දැකීම් බහුල පුහුණුකරුවෙකි. ඔහු මීට පෙර, 2007 සිට 2011 දක්වා කාලය තුළ බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද, නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ රෙඩ්බැක්ස් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here