ඩුබායි, දෝහා, කුවේට් ඇතුළු ගමනාන්ත රැසකට යන ගමන් අවලංගුයි. ඔබේ ගුවන් ගමනත් මේ අතරද? සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ගුවන් කලාප අඛණ්ඩව වසා දැමීම නිසා, අද (මාර්තු 02) දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තම ගුවන් ගමන් වාර 10ක් අවලංගු කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
මෙම අවලංගු කිරීම් මැදපෙරදිග ප්‍රධාන ගමනාන්ත කිහිපයකටම බලපා ඇති අතර, එම කලාපයේ සේවය කරන සහ ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලාංකිකයන් රැසකට සෘජු බලපෑම් එල්ල කර තිබේ.
අවලංගු කළ ගුවන් ගමන්
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කළ නිල නිවේදනයට අනුව අද දිනයේ අවලංගු කර ඇති ගුවන් ගමන් වාර පහත පරිදි වේ:
* UL225 – කොළඹ – ඩුබායි
* UL226 – ඩුබායි – කොළඹ
* UL217 – කොළඹ – දෝහා
* UL218 – දෝහා – කොළඹ
* UL253 – කොළඹ – දමාම්
* UL254 – දමාම් – කොළඹ
* UL265 – කොළඹ – රියාද්
* UL266 – රියාද් – කොළඹ
* UL229 – කොළඹ – කුවේට්
* UL230 – කුවේට් – කොළඹ
ගුවන් මගීන්ට දැනුම් දීම
මෙම ගුවන් ගමන් සඳහා ආසන වෙන් කර තිබූ මගීන් සහ ඔවුන්ගේ ගමන් විස්තර පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ 24-පැය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හෝ තම ගමන් නියෝජිතයා අමතන ලෙස ගුවන් සේවය ඉල්ලා සිටී.
කලාපයේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත්, තත්ත්වය යහපත් අතට හැරුණු වහාම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.














