Home Flash News ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල ප්‍රහාරයක් – කුවේට් නගරය දුමාරයෙන් වැසෙයි

ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල ප්‍රහාරයක් – කුවේට් නගරය දුමාරයෙන් වැසෙයි

43
0
Share

ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අනතුරු අඟවයි. මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි.

මැදපෙරදිග කලාපය පුරා පැතිර යන යුද උණුසුම මධ්‍යයේ, කුවේට් අගනුවරට ඉහළින් විශාල දුම් වළාවක් නැගී එන ආකාරය දැක්වෙන නවතම ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ප්‍රහාරයක් සිදුවී ඇති බවට පළවන තහවුරු නොකළ වාර්තාත් සමග මෙම දුමාරය දක්නට ලැබී ඇත. මෙම සිදුවීමත් සමග කුවේටයේ සිටින තම පුරවැසියන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙසත්, තානාපති කාර්යාල පරිශ්‍රයට නොපැමිණෙන ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඉරානය විසින් මැදපෙරදිග පුරා දියත් කරන ලද ප්‍රහාර මාලාවේ කොටසක් ලෙස ඊයේ (01) දිනයේදී කුවේටයේ එක් පුද්ගලයෙකු මියගිය බවට වාර්තා විය. ඇමෙරිකානු හමුදා කඳවුරක් පවත්වාගෙන යන, ඇමෙරිකාවේ ප්‍රබල මිත්‍ර පාක්ෂිකයෙකු වන කුවේටය, තමන් දෙසට එල්ල වූ මිසයිල ප්‍රහාර කිහිපයක්ම සාර්ථකව වළක්වා ගත් බව ද ඊයේ නිවේදනය කළා.

මෙම නවතම සිදුවීමත් සමග, ගල්ෆ් කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් මතුවී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here