Home Flash News ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට දැඩි අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට දැඩි අනතුරු ඇඟවීමක්

18
0
Share

ඊශ්‍රායලයෙන් ලෙබනනයේ ගම්මාන 50කට අධික ගණනකට වහාම ඉවත් වන ලෙස දන්වයි. යුද්ධය නව පෙරමුණකට?

ඉරානය සමඟ පවතින ගැටුම තවත් කලාපීය පෙරමුණක් කරා ව්‍යාප්ත වීමේ දරුණු සලකුණු පෙන්නුම් කරමින්, ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ නගර සහ ගම්මාන 50කට අධික සංඛ්‍යාවක වැසියන්ට වහාම තම නිවෙස්වලින් ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබෙනවා. ඉදිරියේදී එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම නිවේදනය, මැදපෙරදිග අර්බුදය ලෙබනනය දක්වා පැතිරී යා හැකි බවට වූ බිය තහවුරු කරන්නකි.

ඊශ්‍රායලය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ මෙසේ සඳහන් වෙනවා.

“ඔබගේ ආරක්ෂාව සඳහා, ඔබ වහාම ඔබගේ නිවෙස්වලින් ඉවත් වී, ගම්මානවල සිට අවම වශයෙන් මීටර් 1,000ක් ඈතින් පිහිටි විවෘත ප්‍රදේශ වෙත යා යුතුය. හිස්බුල්ලා සාමාජිකයින්, ඔවුන්ගේ පහසුකම් හෝ ඔවුන්ගේ යුධමය වත්කම් අසල සිටින ඕනෑම අයෙකු තම ජීවිතය අවදානමට ලක් කර ගනී.”

මෙම අනතුරු ඇඟවීම මගින් හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට සූදානම් වන බවට ඊශ්‍රායලය විසින් සෘජු සංඥාවක් ලබා දී ඇත.

අනතුරු අඟවා ඇති ගම්මාන අතර සරීෆා, මාරූබ්, කනා, බින්ට් ජබෙයිල්, හූලා සහ මයිස් අල්-ජබල් වැනි ප්‍රදේශ රැසක් ඇතුළත් වේ. මෙම ගම්මාන බොහොමයක් ඊශ්‍රායල-ලෙබනන් දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙනවා.

මෙම හදිසි ඉවත් කිරීමේ නියෝගය හේතුවෙන් දහස් ගණනක සිවිල් වැසියන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති අතර, කලාපයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය වීමේ අවදානම ඉහළ ගොස් ඇත.

අනතුරු අඟවා ඇති ගම්මාන ලැයිස්තුව,

Sarifa, Maaroub, Selaa (Tyre), Debaal, Bafliyeh, Barish, Arzoun, Qlayleh, Al-Shahabiya (Tayr Zibna), Dardghaya, Bastiyat, Arab Salim, Housh al-Rafqa, Yahmar (West Bekaa), Maydoun, Dalafi, Ain Qana, Knisseh, Mansouri (Tyre), Majdal Zoun, Mazraat Buyout al-Sayyad, Jabal al-Butm, Zibqin, Al-Samaya, Aytit, Qana, Al-Bayyada (Tyre), Deir Aames, Aita al-Jabal (al-Zout), Hanine (Bint Jbeil), Haris, Haddatha, Mahrouna, Beit Lif, Yater (Bint Jbeil), Shaqra, Houla, Baraachit, Bint Jbeil, Jmaijmeh, Aitaroun, Safad al-Battikh, Al-Bazourieh, Aaynata, Hanawiya, Jannata, Burj al-Shamali, Maarakeh, Siddiqine, Al-Majadel, Wadi Jilo, Drouiss (Baalbek), and Mais al-Jabal.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here