Home Flash News ඉරාන-ඊශ්‍රායල ගැටුමේ අතුරුඵලයක් – ගාසා තීරයේ සියලු ආධාර මාර්ග වැසෙයි

ඉරාන-ඊශ්‍රායල ගැටුමේ අතුරුඵලයක් – ගාසා තීරයේ සියලු ආධාර මාර්ග වැසෙයි

20
0
Share

මැදපෙරදිග ඇවිලෙමින් පවතින ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුමේ සෘජු, වේදනාකාරී ප්‍රතිවිපාක දැනටමත් විනාශයට පත්ව ඇති ගාසා තීරයේ ජනතාවට දැනෙන්නට පටන් ගෙන තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශය (Cogat) තහවුරු කරන පරිදි, ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර ගෙන ඒමට සහ රෝගීන්ට ප්‍රතිකාර සඳහා පිටව යාමට භාවිත කරන සියලුම දේශසීමා හරස් මාර්ග වසා දමා ඇත. ඔවුන් පවසන්නේ “ආරක්ෂක විධිවිධාන සකස් කිරීමේ අවශ්‍යතාවය” මත මෙම පියවර ගත් බවයි.

මෙම හදිසි වසා දැමීම නිසා ගාසා තීරයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.

වසර දෙකකට පෙර යුද්ධයෙන් තුවාල ලබා, ශල්‍යකර්මයක් සඳහා ඊජිප්තුවට යාමට නියමිතව සිටි ගාසා වැසියෙකු වන අබෙද් නසාර් සිය කම්පනය පළ කළේ මෙසේය.

“අන්තිමටම මගේ ගමන යන්න දවස ආවම, දේශසීමාව වහලයි කියලා දැනගන්න ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. දේශසීමාව දිගටම වහලා තියෙයි, එයාලට අපිව අමතක වෙයි කියලා අපිට බයයි,” ඔහු පැවසීය.

මෙම වසා දැමීමත් සමඟ ගාසා තීරයේ ජනතාව කලබලයෙන් භාණ්ඩ මිලදී ගැනීමට (panic buying) පෙළඹී ඇති අතර, ඒ හේතුවෙන් සමහර ආහාර ද්‍රව්‍යවල මිල ගණන් එක රැයින් දෙගුණ වී ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, ගාසා තීරයට ජීවිතාරක්ෂක ආධාර ගෙන ඒමේදී තමන්ට දිගින් දිගටම බාධා එල්ල වන බවයි. “ප්‍රමාණවත් සැපයුම් නොමැති වීම නිසා” පෙබරවාරි මාසයේදී ආහාර සලාක අඩකින් කපා හැරීමට සිදුවූ බවද ඔවුන් සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අංශ (Cogat) X සමාජ මාධ්‍ය ජාලයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වසා දැමීමෙන් “මානුෂීය තත්ත්වයට කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති” බවත්, “දැනට පවතින තොග දීර්ඝ කාලයකට ප්‍රමාණවත් වනු ඇති” බවත්ය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here