Home Flash News සනත්ගේ වසර 15ක වාර්තාව බිඳ වැටෙයි

සනත්ගේ වසර 15ක වාර්තාව බිඳ වැටෙයි

9
0
Share

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාස පොතට ඊයේ (12) දිනයේ තවත් නව වාර්තාවක් එක්වුණා. ඒ, T20 ලෝක කුසලාන තරගයකදී අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම ක්‍රීඩකයා බවට ඕමානයේ මොහොමඩ් නදීම් පත්වීමත් සමඟයි.

මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීමට ඔහු සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී වීම විශේෂත්වයක්.

බිඳ වැටුණු සනත්ගේ වාර්තාව

මොහොමඩ් නදීම් මෙම වාර්තාව පිහිටුවන විට ඔහුගේ වයස අවුරුදු 43යි දින 161ක්. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔහු, පන්දු 56කින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් වුණා.

ඔහු අතින් මෙලෙස බිඳ වැටුණේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය විසින් වසර 15ක් පුරා තබා තිබූ වාර්තාවයි.

සනත් ජයසූරිය 2009 වසරේදී පැවති T20 ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 81ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා. එම දස්කම කරන විට ඔහුගේ වයස අවුරුදු 39යි දින 345ක් වීම ද සැලකිය යුතු කරුණක්.

එකල සනත් තැබූ වාර්තාව, ඔහුගේම පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේම, ශ්‍රී ලංකාවේදී ම බිඳ වැටීම මෙම සිදුවීමේ ඇති තවත් එක් සුවිශේෂී දෛවෝපගත සිදුවීමක් ලෙස ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here