Home Flash News රනිල් – සජිත් එකම මේසයේ

රනිල් – සජිත් එකම මේසයේ

18
0
Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට එකම මේසයක සිටිමින් සාකච්ඡා කරමින් සිටී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ පුතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වෙමින් තිබෙනවා.

මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරයාට මෙන්ම විපක්ෂ නායකවරයාටත් ආරාධනා කර තිබුණා. ඔවුන් දෙදෙනාටම අසුන් පනවා තිබුණේ එකම මේසයකය. රනිල් වික්‍රමසිංහ සිටි මේසයට යාමට පෙර සජිත් ප්‍රේමදාස මනුෂ නානායක්කාර, සාගල රත්නායක ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් සිටි මේසයට ගොස් අසුන්ගෙන තිබුණේය. එය දුටු රනිල් වික්‍රමසිංහ තමන් සිටි අසුනෙන් නැගිට සජිත් සහ හිටපු මැති ඇමැතිවරු අසුන්ගෙන සිටි මේසයට පැමිණියේය.

“ඔයාගේ යාළුවෝ ටිකත් එක්ක කතා කරලා ඉවර වෙලා අර මේසයට එන්න” රනිල් සජිත් අසලටම පැමිණ විහිළුවකුත් කළා.

“ඔයා හමුවෙන්න බලාගෙන ඉන්න කෙනා අතනට වෙලා ඉන්නවානේ. ඉක්මනට එතැනට යන්න”මනුෂත් සිනාසෙමින් සජිත්ට පැවසුවා.

ටික වේලාවක් හිටපු මැති ඇමැතිවරුන් සමග කතා කරමින් සිටි සජිත් රනිල් අසලට ගියේය. මනෝ ගනේෂන්, දිගම්බරන්, චාමර සම්පත් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එම මේසයේ සිටියා.

මේ අතර ලක්ෂ්මන් ෆොන්සේකා තලතා අතුකෝරළත් එතැනට කැදවාගෙන ආවේය.

“මේ හැංගි හැංගි ඉදලා හරියන්නේ නෑ. මෙතැනට එන්න”යැයි කියූ ලක්ෂ්මන් ෆොන්සේකා තලතා කැදවාගෙන ගොස් සජිත් අසලම පුටුවේ අසුන් ගැන්වූවේය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here