අගෝස්තු මාසයේදී
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැස්කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ක්‍රිකට් තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරනවා.
පැවැත්වෙන කාලසීමාව
මෙම වසරේ අගෝස්තු මාසයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරයට නියමිතව තිබූ ටෙස්ට් තරග 2ට අමතරව මෙම විස්සයි20 තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
මීට පෙර මෙම තරග පසුගිය දෙසැම්බර් මස අගදී පැවැත්වීමට සැලසුම් කර තිබුණත්, විකාශන කටයුතු සූදානම් කිරීමට කාලය මදිවීම හේතුවෙන් එය කල් දැමීමට සිදුවුණා.
ඒ අනුව ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මෙම විශේෂ තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය එකඟතාව පළ කර තිබෙනවා.
Rebuilding Sri Lanka අරමුදල
මෙම තරගාවලියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.
සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම මුදල් වෙන් කිරීමට නියමිතයි.











