Home දේශීය පුවත් මාලිමාවේ ගොවි රැළියට කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත නාවේ ඇයි?

මාලිමාවේ ගොවි රැළියට කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත නාවේ ඇයි?

12
0
Share

අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ‘ජන සටන’ දැවැන්ත මහජන රැළියෙන් පසුව, ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුව විසින් සංවිධානය කළ ගොවිජන රැළියට ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සහභාගී නොවීම දැඩි දේශපාලනික ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. අද (16) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මේ බව ප්‍රකාශ කළේය.

“අනුරාධපුර ජන සටන දැවැන්ත ජයග්‍රහණයක්”

අනුරාධපුර නගරයේදී පැවැත්වූ ජන සටන මහා රැළිය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සමස්ත ජනතාවගේම දැවැන්ත දේශපාලන ජයග්‍රහණයක් මෙන්ම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බව සංජීව එදිරිමාන්න මහතා පෙන්වා දුන්නේය. ආණ්ඩුවට එකඟ නොවීම මහජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත්, ආණ්ඩුවේ විවිධ බාධා කිරීම් යටපත් කරමින් මෙම සාර්ථක රැළිය පැවැත්වූ බවත් ඔහු පැවසීය.

පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට (මාලිමාවට) ඡන්දය දුන් අතිබහුතරයක් ජනතාව මෙවර පොහොට්ටුවේ රැළියට එකතු වීම නිසා ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව සිටින බවත්, පොහොට්ටුවේ තනි රැළියට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැළි තුනක් සංවිධානය කිරීමට ආණ්ඩුවට සිදු වූ බවත් හෙතෙම සඳහන් කළේය.

“මහින්ද එද්දී ලාල්කාන්ත කොහෙද?”

අනුරාධපුර රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රශ්න කරන බවත්, පොහොට්ටුවේ නායකයා ලෙස එතුමා පක්ෂයේ රැළියට පැමිණීම ඉතා සාමාන්‍ය දේශපාලන සිදුවීමක් බවත් සංජීව එදිරිමාන්න පැහැදිලි කළේය.

“මහින්ද රාජපක්ෂ මැතිතුමා පොහොට්ටුවේ රැළියට පැමිණීම ප්‍රශ්න කරපු අයගෙන් අපි අහනවා, මාලිමා ආණ්ඩුව සංවිධානය කළ ගොවිජන රැළියේදී ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා නොසිටියේ ඇයි කියලා? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීමට වඩා ලාල්කාන්ත මහතාගේ නොපැමිණීම දේශපාලනික නැද්ද? ගොවිජනපදයක පවත්වපු රැස්වීමකට කෘෂිකර්ම ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට එන්න බැරි වුණේ ආණ්ඩුවට ගොවි ජනතාවට මුහුණදීමට නොහැකි නිසා බව පැහැදිලියි.” යනුවෙන් සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Call to Action (CTA)

මෙම ලිපිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් අප හා බෙදාගන්න. මෙය ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත්, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් share කර සංවාදයක් ආරම්භ කරන්න.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here