Home Flash News පොලිස්පතිට මරණ බිය හැදිලා – ගම්මන්පිලගෙන් සැර ප්‍රහාරයක්

පොලිස්පතිට මරණ බිය හැදිලා – ගම්මන්පිලගෙන් සැර ප්‍රහාරයක්

25
0
Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් පසුගිය 03 වන දින පවත්වන ලද මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කිරීම පිවිතුරු හෙළ උරුමය විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය මරණීය තර්ජනයක් ලෙස හුවා දක්වමින් පොලීසිය මෙලෙස හැසිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන දඩයමක් බවයි.

පොලිස්පතිට මරණ බියක් ඇති වුණාලු – ගම්මන්පිල නැගූ ප්‍රශ්න

සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයේ කිසිදු තැනක පොලිස්පතිවරයාට මරණීය තර්ජනයක් කිරීමක් හෝ ඊට ජනතාව පෙළඹවීමක් සිදු කර නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙන සත්‍යයක් බව ගම්මන්පිල පවසයි.

අදාළ මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් අවධාරණය කළේ පොලිස්පතිවරයා ආණ්ඩුවේ ඉත්තෙකු නොවී මහජන සේවකයෙකු විය යුතු බව පමණක් බවත්, පාතාල සාමාජිකයෙකු නොවන දේශපාලනඥයෙකු කළ එවැනි ප්‍රකාශයකට පොලිස්පතිවරයාට ‘මරණ බියක්’ ඇති වූවා යැයි පැවසීම හාස්‍යජනක බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ කළ ප්‍රකාශයක මුළු කතාවම නොගෙන, ඉන් කොටසක් පමණක් තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කරමින් පොලීසිය මෙලෙස කටයුතු කර ඇති බවටද හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරයි.

‘මාලිමා ආණ්ඩුව පොලීසිය ගෙස්ටාපෝ එකක් කරයි’

වත්මන් මාලිමා ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හිට්ලර්ගේ ප්‍රකට “ගෙස්ටාපෝ” (Gestapo) පොලීසිය වැනි මර්දනකාරී මෙවලමක් බවට පත් කර ඇති බවට මෙකී අත්අඩංගුවට ගැනීමේ උත්සාහය හොඳම සාක්ෂියක් බව උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැගෙන ආගමික, දේශපාලනික සහ සාමාජීය විරෝධයන් මර්දනය කිරීම සඳහා ඉදිරියේදීත් මෙවැනි පොලිස් බලය යොදාගැනීම් දිගින් දිගටම සිදුවනු ඇතැයි ජනතාව තුළ සාධාරණ සැකයක් ඇති වන බවද ඔහු පෙන්වා දෙයි.

අපි බයෙන් හැකිළෙන්නේ නැහැ

ආණ්ඩුවේ මෙම මර්දනකාරී වැඩපිළිවෙළ හමුවේ බියෙන් හැකිළීමට හෝ පසුබැසීමට තමන් සූදානම් නැති බව ආණ්ඩුවට මතක් කර දෙන බව පවසන ගම්මන්පිල මහතා, වානේ පන්නරය ලබන්නේ එල්ල වන දැඩි බලපෑම් හමුවේ බව ඊනියා සමාජවාදී මාලිමා ආණ්ඩුව මතක තබාගත යුතු බවද අවධාරණය කරයි.

Call to Action (CTA)

මෙම ලිපිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් අප හා බෙදාගන්න. මෙය ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත්, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් share කර සංවාදයක් ආරම්භ කරන්න.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here