Home Flash News සිටි ඔෆ් ඩ්‍රීම්ස් සේවකයින් 25ක් ගෙදර යවයි – හෝටලය ඉදිරිපිට උණුසුම් විරෝධතාවක්

සිටි ඔෆ් ඩ්‍රීම්ස් සේවකයින් 25ක් ගෙදර යවයි – හෝටලය ඉදිරිපිට උණුසුම් විරෝධතාවක්

101
0
Share

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති නවීනතම ආයෝජනය ලෙස සැලකෙන සිටි ඔෆ් ඩ්‍රීම්ස් (City of Dreams) හෝටලය අද (24) උදෑසන උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා. ඒ හදිසියේම එහි සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමත් සමඟයි.

වාර්තා වන අන්දමට අද උදෑසන හෝටල් පරිශ්‍රයේ සේවය කළ සේවකයින් 25 දෙනෙකුට ඔවුන්ගේ රැකියා අහිමි වී තිබෙනවා. මෙලෙස රැකියා අහිමි වී ඇත්තේ හෝටලයේ කළමනාකාරීත්වය දරන ‘මෙල්කෝ රිසෝට්’ (Melco Resorts) ආයතනයට අනුබද්ධව සේවය කළ පිරිසකටයි.

සේවයෙන් ඉවත් කළේ ඇයි?

මෙම හදිසි ඉවත් කිරීමට හේතුව ලෙස පාලනාධිකාරිය පවසා ඇත්තේ අදාළ සේවකයින්ගේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක නොමැති වීම’ (Unsatisfactory Performance) බවයි. කෙසේ වෙතත්, පාලනාධිකාරියේ මෙම තීරණයට විරෝධය පළ කරමින් රැකියා අහිමි වූ සේවකයින් අද උදෑසනම හෝටලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ යම් කලබලකාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබුණා.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ගැන යමක්

මෙය නිකම්ම නිකම් හෝටලයක් නොවෙයි. දකුණු ආසියාවේ ඉදිවූ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය (Integrated Resort) වන්නේ මෙයයි. 2025 අගෝස්තු 01 වනදා නිල වශයෙන් විවෘත කෙරුණු මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සමාගමේ ඉදිකිරීමක්.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය තුළ අති නවීන පහසුකම්වලින් යුත් “නුවා” (Nua) හෝටල් පරිශ්‍රය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක් ද ඇතුළත් වෙනවා. ජාත්‍යන්තර සූදු සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මෙල්කෝ (Melco) සමාගම මෙම කලාපයේ සිදුකළ පළමු ව්‍යාපෘතිය වන්නේ ද මෙයයි.

මෙතරම් දැවැන්ත ආයෝජනයක් සහ ජාත්‍යන්තර කීර්තියක් ඇති ආයතනයක සේවක අයිතිවාසිකම් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් මෙවැනි ගැටලුවක් මතු වීම මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here