ලංකා බැංකුවේ තැන්පත් කර තිබූ රුපියල් හාරකෝටි අසූ අට ලක්ෂ දෙදහස් දෙසීය හැත්තෑපහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලංකා බංකුවේ නිලධාරියෙකු සහ යූනින් බැංකුවේ නිලධාරිනියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දෙකේ පිහිටි යූනින් බැංකු මූලස්ථානයේ සේවය කරන සහකාර කළමනාකාරිනියක් ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ලංකා බැංකුවේ තිබූ රුපියල් හාර කෝටි අසූ අට ලක්ෂ දෙදහස් දෙසීය හැත්තෑ පහක මුදලක් මෙලෙස් වංචා කර ඇත. ඒ අනුව අදාල මුදල වංචා කිරීම, වංක ව්‍යවහාරණය සහ සාපරාදී විශ්වාසය කඩකිරීම මෙන්න පොදු දේපළ විෂය ඉල්ලා සිදු කරනු ලබනවැරදි සම්බන්ධයෙන් වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙස පිහිටි සැකකාරියගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම වංචාවට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ලංකා බැංකුවේ බම්බපිටිය ශාඛාවේ සේවය කරමින් සිටියදී වැඩ තහනමට ලක්වූ සහකාර කළමනාකාරවයෙක්ය. ඔහු ප්‍රගති බැංකු සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේ පරිපාලන කටයුතු සිදුකරමින් සිටින අයෙකි. එම සැකකරු, කොළඹ 02 චිත්තම්පලම් මාවතේ ප්‍රධාන කාර්යාලයේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 53 පසුවන වැල්ලවත්ත සහ මොරටුව පදිංචිකරුවන්ය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ අංක තුන විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














