Home Flash News “දිනන්න අපි සූදානම්” – ට්‍රම්ප්ගෙන් මධ්‍යම රාත්‍රියේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

“දිනන්න අපි සූදානම්” – ට්‍රම්ප්ගෙන් මධ්‍යම රාත්‍රියේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

44
0
Share

ඇමෙරිකාවේ අවි ගබඩා පිරී ඉතිරිලා – යුද්ධය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මධ්‍යම රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්.

මැදපෙරදිග යුදමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින මොහොතක, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකාවේ යුද ශක්තිය සහ අවි ගබඩා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

“අපට සදහටම සටන් කළ හැකියි”

වොෂින්ටන් වේලාවෙන් මධ්‍යම රාත්‍රියට ආසන්නව මෙම සටහන තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකාව සතුව “මධ්‍යම සහ ඉහළ-මධ්‍යම ගණයේ” (medium and upper medium grade) යුදෝපකරණ විශාල තොග පවතින බවයි. එමෙන්ම, “හුදෙක් එම සැපයුම් පමණක් භාවිත කරමින් ‘සදහටම’ යුද්ධ කළ හැකි” බවද ඔහු සඳහන් කර ඇත.

“අප සතුව මෙම ආයුධවල පාහේ අසීමිත සැපයුමක් තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සන්නද්ධයි, විශාල ලෙස ජයග්‍රහණය කිරීමට සූදානම්!!!” (“The United States is stocked, and ready to WIN, BIG!!!”) යනුවෙන් ඔහු සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බයිඩන්ට චෝදනාවක්

සිය නවතම ප්‍රකාශයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පූර්වගාමියා වූ ජෝ බයිඩන්ට චෝදනාවක් එල්ල කිරීමටද කටයුතු කර ඇත. ඔහු පවසන්නේ, බයිඩන් විසින් යුක්රේනයට ඇමෙරිකාවේ “ඉහළම ගණයේ” (super high end) අවි විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.

උදාහරණයක් ලෙස, කිලෝමීටර් 300ක් (සැතපුම් 190ක්) දක්වා දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ප්‍රබල ATACMS දිගු දුර මිසයිල පද්ධති භාවිත කිරීමට බයිඩන් සිය ධුර කාලය අවසානයේදී යුක්රේනයට අවසර ලබා දුන් බවද ට්‍රම්ප් මෙහිදී පෙන්වා දී තිබෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here