වසර ගණනාවක් පුරා කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නවතම පියවරක් ගැනීමට පාර්ලිමේන්තුව අද (20) කටයුතු කර තිබෙනවා. ඒ, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය කුමක්දැයි සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමත් සමගයි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේදී මෙම නිවේදනය සිදු කරන ලදී.
කාරක සභාවේ සභාපතිත්වය සහ සංයුතිය
මෙම නව විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු කරනු ඇත.
කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පහත සඳහන් මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් පත් කර තිබෙනවා.
* මුනීර් මුලාෆර්
* නීතිඥ සුනිල් වටගල
* අරුන් හේමචන්ද්‍රා
* රංජිත් මද්දුම බණ්ඩාර
* මනෝ ගනේෂන්
* ලක්ෂ්මන් නිපුණආරච්චි
* ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
* සමන්මලී ගුණසිංහ
* ධර්මප්‍රිය විජේසිංහ
* චන්දන සූරියආරච්චි
* නිසාම් කාරියප්පර්
විසඳුමක් ලැබේද?
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුවක් වූයේ මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය පිළිබඳව දේශපාලන පක්ෂ අතර එකඟතාවක් නොතිබීමයි. මෙම නව කාරක සභාව පත් කිරීමත් සමග, එම ගැටලුවට විසඳුමක් සොයාගෙන, පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට මග පාදනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු පළ කරති.











