Home Flash News CID යේ කැදවීම මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි

CID යේ කැදවීම මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි

7
0
Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය අද දිනයේ එම කැඳවීමට අනුව පෙනී නොසිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවට වාර්තා වෙනවා. සෞඛ්‍යමය හේතූන් මත ඇයට මෙලෙස පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන් වුවද, ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැත.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව දැනගන්නට ඇත.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මෙම කැඳවීම සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 18 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබීමද විශේෂත්වයකි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here