Home Flash News එක රැයකින් 526ක් පොලිස් දැලේ

එක රැයකින් 526ක් පොලිස් දැලේ

17
0
Share

දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සාර්ථක දිනයක් සනිටුහන් කරමින්, ඊයේ (07) දිනයේදී පමණක් සැකකරුවන් 526 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පාසනවා.

මෙම විශේෂ මෙහෙයුම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සම්බන්ධ වී ඇති අතර, ඊයේ දිනය තුළ පුද්ගලයින් 36,840 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අපරාධකරුවන් සහ වරෙන්තුකරුවන් දැලට

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, විවිධ අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් 15 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරනවා. මීට අමතරව, අධිකරණය මග හරිමින් සිටි විවෘත වරෙන්තුකරුවන් 144 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වී තිබෙනවා.

රථවාහන නීතියද දැඩිව ක්‍රියාත්මකයි

මෙම සෝදිසි මෙහෙයුම් අපරාධ වැළැක්වීමට පමණක් සීමා වී නොමැති අතර, රථවාහන නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිවද දැඩිව ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව, බීමතින් රිය පැදවීමේ චෝදනාව මත පුද්ගලයින් 430 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව මත තවත් පුද්ගලයින් 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙයට අමතරව, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 6,009 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රටේ අපරාධ රැල්ල පාලනය කිරීම සඳහා මෙම දෛනික මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය අවධාරණය කරන්නේ.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here