Home Flash News ගල් අඟුරු නැව් 2ක්ම ගිලලාද? නාමල් හෙළි කළ කෝටි 462ක අතුරුදහන් වීම

ගල් අඟුරු නැව් 2ක්ම ගිලලාද? නාමල් හෙළි කළ කෝටි 462ක අතුරුදහන් වීම

104
0
Share

පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළේය. මැතිවරණ සමයේදී ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයින්ගේ පඩි මාස හයෙන් හයට උද්ධමනයට අනුපාතිකව වැඩි කරන බවට දුන් පොරොන්දුව ඉටු වී නොමැති බවත්, සෙවනගල කර්මාන්තශාලාවේ දීමනා කපා හැර පඩි අඩු කර එය වසා දමා ඇති බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම වී සඳහා රුපියල් 150ක සහතික මිලක් දෙන බවටත්, පොහොර සහ වතුර වේලාවට දෙන බවටත් වූ පොරොන්දු කඩවී ඇති බවද, හාල් පිටරටින් ගේන්නේ නැති බවට ප්‍රකාශ කළද තවමත් හාල් ආනයනය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

විදුලි බිල, තෙල් මිල සහ බදු බර

උපාධිධාරීන් 35,000කට එකවර රැකියා දෙන බවට පවසා ඔවුන්ව දේශපාලනික වශයෙන් පාවිච්චි කර අතහැර දමා ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, විදුලි බිල අඩු කරනවා වෙනුවට රුපියල් 6,000ක් වූ බිල රුපියල් 8,000 දක්වා ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නේය.

තෙල් මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නැවෙන් බාන ගණනට තෙල් දෙන බවත්, ඇමතිගේ කොමිස් සහ බදු අයින් කරන බවත් පැවසුවද, අද වන විට ආණ්ඩුව භාරගත් කාලයටත් වඩා රුපියල් 30ක අමතර බද්දක් ගහන බව මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම ලක්ෂ 12ට විට්ස් කාර් දෙන බවටත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බදු අයින් කරන බවටත් වූ පොරොන්දු බොරු වී ඇති බව ඔහු අවධාරණය කළේය.

කෝටි 462ක ගල් අඟුරු අතුරුදහන් වීම

ආණ්ඩුවේ වංචා සහ දූෂණ පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා විශේෂ කරුණක් පාර්ලිමේන්තුවට හෙළි කළේය. ඒ අනුව ගෙනෙන ලද ගල් අඟුරු නැව් 19න් මෙට්‍රික් ටොන් 1,20,000ක් අතුරුදහන් වී ඇති බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 462ක් බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙය නැව් දෙකක ප්‍රමාණයකට සමාන බවත්, ගත්තට පස්සෙත් ගල් අඟුරු කාලා නැව් දෙකක්ම ගිල ඇති බවත් ඔහු පැවසීය.

අතුරුදහන් වූ ඩොලර් සහ කන්ටේනර් සිදුවීම

මීට අමතරව හැකර් කෙනෙකු විසින් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් කර ඇති බවත්, පෞද්ගලික බැංකුවල මුදල් වැරදි ගිණුම්වලට වැටෙන බවත් පැවසූ මන්ත්‍රීවරයා, මේවා පිටුපස සිටින්නේ කවුදැයි ප්‍රශ්න කළේය.

එමෙන්ම කන්ටේනර් 323ක් පැන්නීමේ සිද්ධිය සහ වරායේදී අයිස් කුඩු කන්ටේනරයක් ඇල්ලූ නිලධාරියාට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීම පිළිබඳවද ඔහු සිය විරෝධය පළ කළේය. ආණ්ඩුවේ මර්දනයට බය නොවී ජනතා සටන ඉදිරියටම ගෙන යන බව ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කළේය.

Call to Action

මෙම ලිපිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් අප හා බෙදාගන්න. මෙය ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත්, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් share කර සංවාදයක් ආරම්භ කරන්න.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here