Home Flash News මල්බෙරි හි අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිට මිලියන 36ක් වංචා කළ මුසම්මිල්ගේ පුතා...

මල්බෙරි හි අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිට මිලියන 36ක් වංචා කළ මුසම්මිල්ගේ පුතා කොටු

57
0
Share

කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා වන මොහොමඩ් හිෂාම් ජමාල්දීන් (Mohamed Hisham Jamaldeen) නමැත්තා රුපියල් මිලියන 36කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (02) දින පස්වරු 1.28 ට ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 503 දරණ ගුවන් යානයෙන් විදේශගත වීමට උත්සාහ කිරීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් මොහොබ්බු නවතා ගුවන්තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇත.

මොහු මල්බෙරි හෝල්ඩින්ග්ස් (Mulberry Holdings) පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව රුපියල් 36,025,977.67 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් (නඩු අංක B/PC/40673/1/26) 2026 අගෝස්තු 19 වන දින මොහුට එරෙහිව විදේශගමන් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු පස්වරු 4.20 ට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Call to Action (CTA)

මෙම ලිපිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් අප හා බෙදාගන්න. මෙය ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත්, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් share කර සංවාදයක් ආරම්භ කරන්න.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here