රටේ ජනතාවට තවත් මූල්‍ය පීඩනයක් එක් කරමින්, අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) තීරණය කර තිබෙනවා.
මෙම හදිසි මිල ඉහළ දැමීමත් සමග, ප්‍රවාහන ගාස්තු, භාණ්ඩ මිල ගණන් සහ සමස්ත ජීවන වියදම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව ඉන්ධන මිල ගණන් මෙසේය,
ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයට අනුව, එක් එක් ඉන්ධන වර්ගය සඳහා නව මිල ගණන් සහ මිල ඉහළ යාම් පහත පරිදි වේ.
* ඔක්ටේන් 92 පෙට්‍රල් – ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 398 කි.
* ඔක්ටේන් 95 පෙට්‍රල් – ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 455 කි.
* ලංකා සුදු ඩීසල් (Auto Diesel) – ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 382 කි.
* සුපිරි ඩීසල් (Super Diesel) – ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 443 කි.
* ලංකා භූමිතෙල් – ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 255 කි.
මෙම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා සියලුම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් සඳහා බලපැවැත්වේ.














