Home Flash News ඉරාන නෞකා 9ක් ගිල්වා, නාවික මූලස්ථානයත් විනාශ කළා – ට්‍රම්ප් Truth Social...

ඉරාන නෞකා 9ක් ගිල්වා, නාවික මූලස්ථානයත් විනාශ කළා – ට්‍රම්ප් Truth Social හි දන්වයි

33
0
Share

මැදපෙරදිග යුද්ධය තවදුරටත් උත්සන්න කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තම Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්, ඉරාන නාවික හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඔහුගේ සුපුරුදු පුරසාරම් සහ උපහාසාත්මක ස්වරයෙන් යුතුව පළ කර තිබූ මෙම සටහන, කලාපයේ යුධ තත්ත්වය නව අදියරකට ගෙන යනු ඇති බවට සංඥා කරයි.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

“ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 9ක් අප විසින් විනාශ කර ගිල්වා දැමූ බව මට දැන් දැනුම් දුන්නා. ඉන් සමහරක් සාපේක්ෂව විශාල සහ වැදගත් ඒවා.

අපි ඉතිරි ටික පස්සෙන් පන්නනවා — ඒවාත් ළඟදීම මුහුදේ පතුලේ පාවෙමින් තියේවි!

වෙනත් ප්‍රහාරයකින්, අපි ඔවුන්ගේ නාවික මූලස්ථානය විශාල වශයෙන් විනාශ කළා.

ඒ ඇරෙන්න, ඔවුන්ගේ නාවික හමුදාව නම් ඉතා හොඳින් ඉන්නවා!

ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්”

මෙම ප්‍රකාශය, ඉරාන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වූවායින් පසු ඉරාන නාවික හමුදාවට එල්ල වූ බවට ඇමරිකාව විසින් පිළිගත් දරුණුතම ප්‍රහාරය ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රකාශය පිළිබඳව ඉරාන රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here