Home Flash News අද ඛෙත්තාරාමයට යනවා නම්, වතුර බෝතල් – සංගීත භාණ්ඩ බැහැ

අද ඛෙත්තාරාමයට යනවා නම්, වතුර බෝතල් – සංගීත භාණ්ඩ බැහැ

26
0
Share

ඉන්දු-පකිස්තාන T20 ගැටුමට දැඩි නීති සමග පොලිසිය සීරුවෙන්

අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වෙන උණුසුම් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් එක්රැස් වන මෙම තරගය සාමකාමීව සහ සුරක්ෂිතව පැවැත්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ තරගයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් සහ ක්‍රීඩාංගණය අවට රථ වාහන හැසිරවීම සඳහා තවත් නිලධාරීන් 600ක් යොදවා ඇති බවයි. මේ අනුව, 2600කට අධික පොලිස් බලඇණියක් අද දින කොළඹට විශේෂ ආරක්ෂාවක් සපයනු ඇති.

ප්‍රේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීම්

තරගය නැරඹීමට පැමිණෙන ඔබ වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ක්‍රීඩාංගණයට ඇතුළු වීමේදී සහ ඉන් පිටවීමේදී අපහසුතා මඟහරවා ගැනීමට මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්.

* දොරටු විවෘත කිරීම – ප්‍රේක්ෂකයින් සඳහා ක්‍රීඩාංගණයේ සියලුම දොරටු පස්වරු 3:00 සිට විවෘතව පවතිනු ඇත.

* තහනම් භාණ්ඩ – ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල්, විශාල ගමන් මලු, හෙල්මට්, ජැකට්, මත්පැන්, සංගීත භාණ්ඩ, ඩ්‍රෝන කැමරා, පිහි වැනි තියුණු ආයුධ සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රීඩාංගණය තුළට ගෙන ඒම සපුරා තහනම්.

* පානීය ජලය – ඔබගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා ක්‍රීඩාංගණය තුළ පහසුකම් සලසා ඇති බව පොලීසිය දන්වා සිටිනවා.

* විනය – බීමත්ව හෝ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරනවා.

විශේෂ රථවාහන සැලැස්ම සහ රථ ගාල්

තරගය පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩාංගණය අවට මාර්ග පද්ධතියේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, ඇතැම් මාර්ග සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ඇති.

මාර්ග සීමා කිරීම් –

* කෙත්තාරාම මාවත හංදිය සහ විල්සන් පෙරේරා මාවතේ සිට බ්‍රිට්‍රෝ බබා පුල්ලේ හංදිය දක්වා මාර්ගවල ගමනාගමනය සීමා කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කළ විශේෂ අවසර පත්‍රයක් ඇති වාහනවලට පමණක් මෙම මාර්ග භාවිත කළ හැක.

* ඊට අමතරව වින්සන්ට් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ්පාස් පාර, සෙබස්තියන් ඇල පාර, අඩි 100 පාර, පන්සල පාර සහ මාළිගාවත්ත පටුමග ඇතුළු ක්‍රීඩාංගණය දෙසට ඇති අතුරු මාර්ග රැසක ගමනාගමනය සීමා කර තිබේ.

රථ ගාල් –

ඔබගේ පහසුව සඳහා රථ ගාල් කිහිපයක් හඳුන්වා දී ඇත.

* ක්‍රීඩාංගණ භූමිය රථගාල
* සතොස රථගාල
* සෙබෙස්තියන් ඇළ පාර රථගාල
* මැටිපාර්ක් රථගාල
* කෝවිල පාර රථගාල
* ඇපල්වත්ත රථගාල
* අඩි 100 මාර්ගයේ දෙපස

මෙම ආරක්ෂක විධිවිධාන සහ රථවාහන සැලැස්මට පූර්ණ සහයෝගය ලබා දී, ක්‍රිකට් ලෝලීන් ලෙස විනයානුකූලව හැසිරෙමින්, මෙම ඓතිහාසික තරගයේ උණුසුම සාමකාමීව විඳගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම පුවතට අදාළ නිවේදනය පහතින්.

2026.02.15 පැය 0430 2026 T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here