Home ආර්ථික පුවත් විපතට පත් වූවන්ට රුපියල් ලක්ෂ 50ක සහන

විපතට පත් වූවන්ට රුපියල් ලක්ෂ 50ක සහන

22
0
Share

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීම ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ආපදාවෙන් මාසයක් ගතවීමට පෙර කැඩී බිඳී ගිය පාරවල්වලින් 99%ක ප්‍රමාණයක් සාදා නිම කිරීමට සිය ආණ්ඩුවට හැකි වූ බවද ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ පුද්ගලයින් සඳහා වසරක් ගත වීමට ප්‍රථම තමන්ගේම නිවසක් සාදා ගැනීමට උදව් කිරීම ‍රජයේ අරමුණ වන බවයි.

කෙසේ වෙතත්, ගංවතුරට හසුවූ ප්‍රදේශ රැසක ජනතාව සහ ගොවීන් පෙන්වා දෙන්නේ මෙතෙක් තමන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි මුදල් නිසි ලෙස ලැබී නැති බවයි.

පසුගිය ආපදාවේදී මහමන්කඩවල වැව පිටාර ගැලීම හේතුවෙන් ගංවතුරට හසුවූ තම නිවාස වෙනුවෙන් මෙතෙක් රුපියල් 25,000 වන්දිය හෝ නොලැබුණු බවට මහමන්කඩවල ගම්මානයේ ජනතාව චෝදනා කළා.

ගංවතුර හේතුවෙන් එහි නිවාස 150කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here