Home Flash News ප්‍රම්තියක් නැති ඩයපර්ස් බෙදාහැරපු ග්ලෝබල් කොමඩිටි සහ හෝල්මාර්ක් ආයතන දෙකට දඩ

ප්‍රම්තියක් නැති ඩයපර්ස් බෙදාහැරපු ග්ලෝබල් කොමඩිටි සහ හෝල්මාර්ක් ආයතන දෙකට දඩ

5
0
Share

වෙළෙඳපොළේ අලෙවි වන ළදරු ඩයපර්ස් භාවිතයේදී ඒවා ඉරීයාම හා දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් නිරන්තරයෙන් ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දීපව්‍යාප්තව විශේෂ විමර්ශන සහ වැටලීම් වැඩසටහනක් ආරම්භ කර තිබේ. එහි තවත් එක් අදියරක් යටතේ දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන ආනයනික ළදරු ඩයපර්ස් තොග බෙදාහරින ආයතන දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.

මෙම වැටලීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතන විසින් අංක 85 දරන විධානයට කිසිදු ලෙසකින් අනුකූල නොවී, ලියාපදිංචි ආනයනකරුගේ නම, නිවැරදි ලිපිනය, දුරකථන අංකය මෙන්ම වෙබ් අඩවි තොරතුරු කිසිවක් සඳහන් නොකළ ආනයනික ළදරු ඩයපර්ස් තොග වෙළෙඳපොළට බෙදාහරිමින් තිබෙන බවයි. පසුව නීති විරෝධී ලෙස ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් තිබූ මෙම භාණ්ඩ තොග නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් විසින් භාරයට ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ අදාළ ආයතනවලට එරෙහිව නඩු පවරනු ලැබීය. ඒ අනුව, අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනාවලට තමන් වරදකරු බව විත්තිකාර ආයතන දෙක විසින් පිළිගන්නා ලදී. එහිදී දෙහිවල, කැම්බල් පෙදෙස පිහිටි ‘ග්ලෝබල් කොමඩිටි සොලූෂන් (ප්‍රයිවෙට්) ලිමිටඩ්’ ආයතනයට රුපියල් 100,000ක දඩ මුදලක් ද, දෙමටගොඩ, කැටවලමුල්ල පෙදෙස පිහිටි ‘හෝල්මාර්ක් ඉන්ඩස්ට්‍රි’ ආයතනයට රුපියල් 10,000ක දඩ මුදලක් ද වශයෙන් ආයතන දෙකට රුපියල් එක්ලක්ෂ දසදහසක (රු. 110,000/-) මුළු දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ළදරුවන්ගේ සංවේදී සමට සෘජුව ස්පර්ශ වන මෙවැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී මින් ඉදිරියට දැඩි සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර, ඇසුරුමේ ලියාපදිංචි ආනයනකරුගේ තොරතුරු සහ උපරිම සිල්ලර මිල (MRP) නිසි පරිදි සඳහන් කර තිබේදැයි පරීක්ෂා කර බැලීම වැදගත් වේ. එමෙන්ම, වෙළෙඳුන් සහ බෙදාහරින්නන් ද මෙවැනි ආනයනික භාණ්ඩ තොග ලබාගැනීමේදී නීත්‍යානුකූල අවශ්‍යතාවලට අනුකූල දැයි වගබලා ගත යුතුය. වෙළෙඳපොළේ සිදුවන මෙවැනි අක්‍රමිකතා පිළිබඳව තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ ‘1977’ කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත වහාම දැනුම් දෙන ලෙස ද දන්වා සිටී.

Call to Action (CTA)

මෙම ලිපිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් අප හා බෙදාගන්න. මෙය ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත්, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් share කර සංවාදයක් ආරම්භ කරන්න.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here