Home Flash News හදවත් සැත්කම් පෝලිම 2029 දක්වා

හදවත් සැත්කම් පෝලිම 2029 දක්වා

64
0
Share

දිවයින පුරා හදවත් සැත්කම් සහ ප්‍රධාන පෙළේ සැත්කම් හා පරීක්ෂණ බලාපොරොත්තුවෙන් රෝගීන් 25,000 කට අධික ප්‍රමාණයක් තවදුරටත් පොරොත්තු ලේඛනවල පසුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. අදාළ පොරොත්තු ලේඛන ප්‍රමාණය අඩු කිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන්කර දෙන බවට ප්‍රකාශ වුවද, එම වැඩපිළිවෙළ තවමත් සක්‍රීයව ආරම්භ නොවී තිබීම දැඩි කණගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දෙයි.

දුප්පත් අසරණ රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදල වෙන් කරන ප්‍රමාණය වැඩි කර, රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන්ට නියමිත ගාස්තුවලට යටත්ව පෞද්ගලික අංශයෙන් ශල්‍යකර්ම සිදුකරවා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය. එසේත් නැතහොත්, රජයේ රෝහල්වල දිනකට සිදු කරන ශල්‍යකර්ම ප්‍රමාණය වැඩි කිරීම සඳහා වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවකයන්ට නියමිත ගාස්තු ප්‍රමාණයන්ට යටත්ව එම කටයුතු සිදු කිරීමට පහසුකම් සැලසීම හරහා දිනකට සිදු කෙරෙන ශල්‍යකර්ම ප්‍රමාණය ඉහළ නංවාගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

මයට අමතරව, අදාළ විෂය ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ප්‍රමාණය වැඩි කිරීම, රෝහල්වල පහසුකම් දියුණු කිරීම සහ ශල්‍ය උපකරණ හා පරීක්ෂණ උපකරණ මිලදී ගැනීම වැඩි කිරීම හරහාද ඉදිරි කාලයේදී පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් ප්‍රමාණය අඩු කර ගත හැකි බව ඔහු සඳහන් කරයි.

දැනට පවතින හදවත් සැත්කම් පොරොත්තු ලේඛනවල කාලය 2029 වසර දක්වා ආසන්න වී තිබේ. මීට අමතරව වකුගඩු හා අවයව බද්ධ කිරීමේ සැත්කම් සඳහා බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් ප්‍රමාණයද දිනපතා ඉහළ යාම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියටම දරාගත නොහැකි පීඩනයක් එල්ල වී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Call to Action (CTA)

මෙම ලිපිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් අප හා බෙදාගන්න. මෙය ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත්, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් share කර සංවාදයක් ආරම්භ කරන්න.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here